නල්ලතන්නියේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෛනික රාජකාරිවලින් ඉවත්වෙයි

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරීන් දෛනික රාජකාරි කටයුතුවලින් සතියක පමණ කාලයක සිට ඉවත් වී ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. බාස්කරන් මහතා පවසනවා.

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමග නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට සතියකට වරක් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 4 දෙනෙකු රාජකාරියේ යොදවන බවයි ඔහු සඳහන් කළේ.

එම නිලධාරින්ට ගෙවිය යුතු අතිකාල දීමනා ගෙවිම අත්හිටු වීමත් සමග නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින බව එස්.බාස්කරන් මහතා කියාසිටියා.

එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතියක කාලයක් කාර්යාලයේම රැඳී සිටිමින් දිවා රාත්‍රී දෙකේම රාජකාරී කරන අතර ඔවුන්ට දිනකට අවම වශයෙන් රුපියල් 1500ක පමණ මුදලක් ආහාර පාන ලබා ගැනීම සඳහා වැය වන බව සඳහන්.

අතිකාල දීමනා ගෙවීම අත්හිටුවීම හේතුවෙන් දිනකට වැයවන එම මුදල දරාගත නොහැකි වීම හමුවේ ඔවුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වන බවට දැනුම් දී ඇති බවයි එස්.බාස්කරන් මහතා කියාසිටියේ.

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරීමට පැමිණෙන අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් ආහාර පාන ලබා ගන්නේ නල්ලතන්නිය නගරයෙන්.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නල්ලතන්නියේ රාජකාරි කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමත් සමග වන්දනාකරුවන්ගේ පානීය ජලය ඇතුළු සෞඛ්‍යට ගැටළු රැසක් ඇති වීමේ අවධානමක් පවතින අතර, මෙම ගැටළුව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කර ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46


?