නරක් වූ කිරිපිටි කිලෝ ලක්ෂයක් සත්ව ආහාරවලට ලබාදීමේ සූදානමක්

පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ කිරිපිටි කිලෝ ලක්ෂයකට ආසන්න තොගයක් රේගුවෙන් නිදහස් කරගැනීමට නොහැකි වීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබෙන බවත් මෙම තොගය සත්ව ආහාර සඳහා ලබා දීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසා සිටියා.

මෙසේ දරුවන් ලක්ෂ 16 කට දෙන කිරිපිටි කුකුල් කෑම සඳහා වෙන්දේසියට දැමීමට නියමිතව ඇති බවත් අකාර්යක්ෂම රාජ්‍ය නිළධාරීන් නිසා මේ තත්ත්වය උදා වූ බවත් ඔහු පැවසුවා.