නඩු භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොකෝ වාර්තාවක් කැඳවීමට අවසර

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් මිලියන 20ට අධික වටිනාකමින් යුත් විදේශීය රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් 1194 ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළ ව කොළඹ අපරාධ පරීක්ෂණාගාර නිලධාරින්ගේ (සොකෝ) වාර්තාවක් කැඳවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (29) අවසර ලබා දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් මගින් වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් මෙම අවසරය හිමි වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ හිටපු භාරකරුවා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු අගෝස්තු මස 13 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ අත්සන් ඇතුළු ලිපි ලේඛන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙර නඩු වාරයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝගයක් නිකුත් කර තිබුණා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දී තිබූ නියෝග සාවද්‍ය ලෙස පරිහරණය කරමින් මෙම සැකකාර පුද්ගලයා එම වංචාව කර ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශනවල දී කරුණු අනාවරණය වූ බව ද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණය වී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම සැකකාර පුද්ගලයා හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නඩු භාණ්ඩ කාමරයට මුද්‍රා තබා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව ද එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

සාවද්‍ය පරිහරණය හා සාපරාධී විශ්වාසය කඩකිරීම, සොරබඩු පැහැර ගැනීම යන චෝදනා යටතේ හා පොදු දේපළ පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුට එරෙහි ව චෝදනා ගොනු කර තිබෙනවා.

සොරාගත් මත්පැන් බෝතල් කීපයක් සාද පැවැත්වීම සඳහා යොදාගෙන ඇති බවත් සෙසු මත්පැන් බෝතල්වලට කුමක් කළේ ද යන්න පිළිබඳ ව තවදුරටත් විමර්ශන සිදු කරන බව එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.බී.ජේ නිශාන්ත මහතා පෙර නඩු වාරයේ දී අධිකරණයට දැනුම්දී තිබුණා.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබූ මත්පැන් බෝතල් තොගය නඩු විභාගයෙන් අනතුරුව එම අධිකරණය මගින් රාජසන්තක කර ඇති බවත් මත්පැන් බෝතල් හිමිකරු එම නියෝගයට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති නමුත් එම අධිකරණය ද එම නියෝගය අනුමත කර ඇති බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබූ නියෝගය තහවුරු කරමින් මහාධිකරණය මගින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යවන ලද නඩු ගොනුව ද අතුරුදන්ව ඇති බව විමර්ශනවල දී පෙනී ගිය බව ද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30