නඩු බඩු කාමරයේ තිබූ හෙරොයින් අතුරුදන් වීමට අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්න – අධිකරණය

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් මිලියන 240 ක් වටිනා හෙරොයින් කිලෝ 12 ක් අස්ථානගතවීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (4) නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරු වුව ද තරාතිරම නොබලා ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අධිකරණයේ නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඔහුගෙන් එම මත්කුඩු තොගය රැගෙන ගොස් ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල දී කරුණු අනාවරණය වී නොමැති බව ද එම නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම සැකකාර පුද්ගලයා මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර දි රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇති බවත් ඔහු මේ වනවිට ඇප මත සිටින බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

එම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී එම නිලධාරීහු මේ බව අධිකරණයට දන්වනු ලැබුවා.

මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබෙන සියලු නඩු භාණ්ඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉකුත් 2 දා පෞද්ගලිකවම නිරීක්ෂණය කළා.

එම සියලු නඩු භාණ්ඩවලට අදාළ ලේඛණයක් තමා භාරයට පත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහි රෙජිස්ටාර්වරයාට හා නඩු භාණ්ඩ කාමරයේ වත්මන් භාරකරුට නියෝගයක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අධිකරණ නඩුබඩු කාමරයේ තිබී හෙරොයින් කිලෝ 12ක් අස්ථානගතවීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා එම නඩු භාණ්ඩ එසේ නිරීක්ෂණය කර ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?