නඩු කටයුතු අවසන් කර විනාශ කිරීමට නියමිත තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 170ක ප්‍රමාණයක් අද (02) වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි පොලිස් දහන උදුනේ දී විනාශ කෙරුණා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක.එස්. බෝදරගම මහතාගේ අධීක්ෂණය යටතේයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද (02) උදෑසන විනශ කිරීම සඳහා භාරදෙනු ලැබුවා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාවක් යටතේ මෙම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි පොලිස් දහනට රැගෙන ගොස් විනාශ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1














