නඩු කටයුතුවලින් ඉවත්ව නීතිඥවරු අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද (16) දිනයේ දී අධිකරණවල කැදවනු ලබන නඩු කටයුතුවලට පෙනී නොසිට වෘත්තිය කටයුතුවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ තීරණය කර තිබෙනවා.

නීතීඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලක දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පා නීතීඥවරුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය සදහන් කළේ, සිය සංගමයේ සියලුම සාමාජිකත්වය ඊයේ (15) දින කොළඹට කැඳවා පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බවයි.

වසර 14 කට පසුවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සමස්ත සාමාජිකත්වයේ හදිසි රැස්වීමක් එම සංගමයේ කොළඹ මූලස්ථානයේදී පවත්වනු ලැබුවේ.

පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවෙන් අනතුරුව අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් නීතීඥයින් නීතිඥ සංගමයේ මූලස්ථානයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ අසලට පා ගමනින් පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ පාර ආණ්ඩුවෙන් අවුරුදු නැකත් සීට්ටු නැද්ද..?
11:43
Video thumbnail
"කළු බ්ලවුස් එකක් දැක්ක ගමන් උඹලා ඇඹලයෝ වෙනවා" වීරකැටිය ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්..
02:19
Video thumbnail
ඉන්ධන මිල සූත්‍රය නිසා කුපිත වුණ බස් සංගම්..කොමිසම් සභාවට අපි සතියයි කල් දෙන්නේ
03:47
Video thumbnail
තෙල් පෝලිම් නිසයි තෙල් මිල වැඩි කළේ
14:48
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15