නගරයක් බිය ගන්වමින් මතුවූ බෝම්බය

සුල්තානාගොඩ අකුරුගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස රහසිගතව වල දමා තිබූ ජීව අත්බෝම්බයක් ඊයේ ( 7 ) පස්වරුවේදි සොයා ගත්බව කොක්මාදුව පොලිස් විශේෂ කාර්යය බලකා කදවුර පවසනවා.

යුද හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මෙය සිංගප්පූරුවේ නිෂ්පාදිත එස්.එෆ්.ජි. 87 වර්ගයට අයත් ජීව අත් බෝම්බයක් බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කොට නිත්‍යානුකුලව ඉවත් වූ පුද්ගලයෙක්.
බවත් දනට රියදුරකු ලෙස කටයුතු කරන වයස 44 අයකු බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ ජීව බෝම්බය කොටවිල පොලීසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?