තමාට “එදා ගත් ස්වීප් එක” ඇදුනු බව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව හෙට සිට නැවතත් වෘත්තීය කටයුතු ආරම්භ කරන බව ද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.
අද (04) උදෑසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
ප්‍රශ්නය – ඇමතිතුමා මොකද වුණේ?
“මොකක්වත් නෑ මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දෙවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තුව ආපු ගමන්. ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවානේ හෙට ඉදලා එහේ යනවා… උසාවියට.”
සුසිල් ප්‍රේමජයන්ත් මහතා –
සුසිල් ගේ ඇමතිකම ගැන ජනපති ගත් තීරණය




