ධම්මික බණ්ඩාරගෙන් පහර කෑමට ලක්වු වෛද්‍යවරයාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට එකඟවේ (වීඩියෝ)

තම නිවසට පැමිණි පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයාට පහර දුන් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර අද කෑගල්ල ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි කාර්යාලයේදී පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පහර දුන්නේ තමා නොව කාලි ආරූඪ වීමෙන් බවයි ඔහු එහිදී සඳහන්  කර ඇත්තේ.

මෙලෙස ධම්මික බණ්ඩාරගෙන් පහර කා තිබුණේ පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාරයි.

පසුගියදා ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය අවස්ථාවේදී තමන්ට ඔහු පහරදුන් බවට ද මෙම දන්ත වෛද්‍යවරයා පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

පසුව පැමිණිල්ල කෑගල්ල පොලීසියට මාරු කෙරුණු අතර, එම පැමිණිල්ල ඉන් අනතුරුව වරකාපොල පොලීසියට මාරුකර තිබුණා.

පසුව ඔවුන් විසින් එය කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ පවතින කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන කාර්යාංශයට යොමුකර තිබූ  අතර, ඒ අනුවයි දෙපාර්ශවය අද එහි කැඳවා තිබුණේ.

ධම්මික බණ්ඩාර විසින් අදාළ දන්ත වෛද්‍යවරයා විසින් තමා වරදක් කළ බවට පාපොච්චාරණය කරන වීඩියෝවක් ද පෙරේදා මාධ්‍යයට මුදා හැරියා.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ධම්මික බණ්ඩාර කියා සිටියේ තමා අදාළ වෛද්‍යවරයාට  අවවාද කිරීමක් පමණක් සිදුකළ බවයි.

කෙසේ වෙතත් තමා විසින් වෛද්‍යවරයාට පහරදුන් බවත් බලහත්කාරයෙන් වෛද්‍යවරයා ස්වයං පාපොච්චාරණ සිදුකරන වීඩියෝවක් පටිගත කළ බව ධම්මික බණ්ඩාර අද පොලීසියේදී පිළිගෙන තිබෙනවා.

මෙහිදී සිදුකළ වරදවල්වලට ධම්මික බණ්ඩාර මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ සමාව ගන්නා බවට ප්‍රකාශ කිරීම නිසා පැමිණිල්ල සමථයකට පත් කිරීමට කටයුතු කළ බවයි පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා සඳහන් කළේ.

සමථයකට පත්වීමෙන් අනතුරුව ධම්මික බණ්ඩාර විසින් මාධ්‍යයට අදහස් නොදක්වා තමාගේ සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයෙන් පොලීසියෙන්  පිටව ගියා.

කොරෝනා වෛරසය මර්දනය වන බවට පවසමින් ධම්මික බණ්ඩාර විසින් පැණියක් නිපද වූ අතර, එය පානය කළ බොහෝ පිරිසකට කොරෝනා වෛරසය වැළදී තිබුණා.

ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන අන්දමට නිර්මාංශ වී, අදාළ පැණිය පානය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුම අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තමාට කොරෝනා වෛරසය වැළදුණු බවටයි. එම පැණිය පානය කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට පසුගිය දා කොරෝනා වෛරසය වැළදුණු අතර, ධම්මික බණ්ඩාරගේ කොරෝනාවට එරෙහි බව පැවසෙන පැණිය පානය කළ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට ද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

විඩියෝ දර්ශණ හිරු ටිවි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?