ධම්මික බණ්ඩාරගෙන් පහර කෑමට ලක්වු වෛද්‍යවරයාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට එකඟවේ (වීඩියෝ)

තම නිවසට පැමිණි පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයාට පහර දුන් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර අද කෑගල්ල ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි කාර්යාලයේදී පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පහර දුන්නේ තමා නොව කාලි ආරූඪ වීමෙන් බවයි ඔහු එහිදී සඳහන්  කර ඇත්තේ.

මෙලෙස ධම්මික බණ්ඩාරගෙන් පහර කා තිබුණේ පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාරයි.

පසුගියදා ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය අවස්ථාවේදී තමන්ට ඔහු පහරදුන් බවට ද මෙම දන්ත වෛද්‍යවරයා පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

පසුව පැමිණිල්ල කෑගල්ල පොලීසියට මාරු කෙරුණු අතර, එම පැමිණිල්ල ඉන් අනතුරුව වරකාපොල පොලීසියට මාරුකර තිබුණා.

පසුව ඔවුන් විසින් එය කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ පවතින කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන කාර්යාංශයට යොමුකර තිබූ  අතර, ඒ අනුවයි දෙපාර්ශවය අද එහි කැඳවා තිබුණේ.

ධම්මික බණ්ඩාර විසින් අදාළ දන්ත වෛද්‍යවරයා විසින් තමා වරදක් කළ බවට පාපොච්චාරණය කරන වීඩියෝවක් ද පෙරේදා මාධ්‍යයට මුදා හැරියා.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ධම්මික බණ්ඩාර කියා සිටියේ තමා අදාළ වෛද්‍යවරයාට  අවවාද කිරීමක් පමණක් සිදුකළ බවයි.

කෙසේ වෙතත් තමා විසින් වෛද්‍යවරයාට පහරදුන් බවත් බලහත්කාරයෙන් වෛද්‍යවරයා ස්වයං පාපොච්චාරණ සිදුකරන වීඩියෝවක් පටිගත කළ බව ධම්මික බණ්ඩාර අද පොලීසියේදී පිළිගෙන තිබෙනවා.

මෙහිදී සිදුකළ වරදවල්වලට ධම්මික බණ්ඩාර මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ සමාව ගන්නා බවට ප්‍රකාශ කිරීම නිසා පැමිණිල්ල සමථයකට පත් කිරීමට කටයුතු කළ බවයි පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා සඳහන් කළේ.

සමථයකට පත්වීමෙන් අනතුරුව ධම්මික බණ්ඩාර විසින් මාධ්‍යයට අදහස් නොදක්වා තමාගේ සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයෙන් පොලීසියෙන්  පිටව ගියා.

කොරෝනා වෛරසය මර්දනය වන බවට පවසමින් ධම්මික බණ්ඩාර විසින් පැණියක් නිපද වූ අතර, එය පානය කළ බොහෝ පිරිසකට කොරෝනා වෛරසය වැළදී තිබුණා.

ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන අන්දමට නිර්මාංශ වී, අදාළ පැණිය පානය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුම අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තමාට කොරෝනා වෛරසය වැළදුණු බවටයි. එම පැණිය පානය කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට පසුගිය දා කොරෝනා වෛරසය වැළදුණු අතර, ධම්මික බණ්ඩාරගේ කොරෝනාවට එරෙහි බව පැවසෙන පැණිය පානය කළ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට ද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

විඩියෝ දර්ශණ හිරු ටිවි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38