AFC Banner
Empty Ad
Empty Ad

ධම්මික ප්‍රසාද් සුවිශේෂී තීරණයකට සැරසෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ධම්මික ප්‍රසාද් සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් මෙම සතිය ඇතුළත තීරණයක් ගන්නා බව සඳහන් කළා.

අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අලුතින් පත්වීමට නියමිත තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගන්නා බවයි.

ඔහුගේ නිල ට්විටර් ගිණුමේ ඊයේ විශේෂ සටහනක් තබමින්මි ඔහුගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් පෙර ඉඟියක් ලබා දී තිබුණා.

මේ වන විට 37 වන වියේ පසුවන ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 24ක්, එක්දින තරඟ 25ක් සහ ජාත්‍යන්තර පන්දුවාර විස්ස එක් තරඟයක් ක්‍රීඩාකර තිබෙනවා.

2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති ටෙස්ට් තරඟය ධම්මික අවසන්වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ජාත්‍යන්තර තරඟයයි.

නිමා වූ LPL විස්සයි විස්ස තරඟාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ධම්මික ප්‍රසාද් දස්කම් දැක්වීමට සමත් වුණා.

261866 11 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?