AFC Banner
AFC Banner
Empty Ad

ධම්මික නිරෝෂණ ඝාතනයේ වෙඩික්කරු රිමාන්ඩ් (ඡායාරූප)

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික නිරෝෂණ අම්බලන්ගොඩ, කන්ද මාවත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු අගොස්තු 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනුණු 48 හැවිරිදි සැකකරු අද (19) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

බලපිටිය, රන්දොබේ ප්‍රදේශයේ දී අයිස් මිලිගෑම් 2800ක් ද සමඟ ඊයේ (18) මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණේ අපරාධය සිදුකර දිනක් ගතවන්නට පෙරයි.

මේ අතර වෙඩි තැබීමට පැමිණි තිදෙනා වෙස්වලාගැනීමට යොදාගත් ඇදුම් කට්ටල ඇල්පිටිය කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ඝාතනය විදෙස් රටකින් ලැබුණු කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට පොලිසිය මේ වනවිට සැකපළ කරනවා.

අපරාධය පැමිණි අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

2002 වසරේ ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළේ පසුගිය 17 වනදා රාත්‍රියේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?