ධම්මික නිරෝෂණ ඝාතනයේ වෙඩික්කරු රිමාන්ඩ් (ඡායාරූප)

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික නිරෝෂණ අම්බලන්ගොඩ, කන්ද මාවත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු අගොස්තු 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනුණු 48 හැවිරිදි සැකකරු අද (19) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

බලපිටිය, රන්දොබේ ප්‍රදේශයේ දී අයිස් මිලිගෑම් 2800ක් ද සමඟ ඊයේ (18) මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණේ අපරාධය සිදුකර දිනක් ගතවන්නට පෙරයි.

මේ අතර වෙඩි තැබීමට පැමිණි තිදෙනා වෙස්වලාගැනීමට යොදාගත් ඇදුම් කට්ටල ඇල්පිටිය කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම ඝාතනය විදෙස් රටකින් ලැබුණු කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට පොලිසිය මේ වනවිට සැකපළ කරනවා.

අපරාධය පැමිණි අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

2002 වසරේ ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළේ පසුගිය 17 වනදා රාත්‍රියේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22