මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ වනවිට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව ලබන දෙසැම්බර් මස 08 වනදා ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප අයැදුම් පත්‍රය නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග කිරීමට නියමිතව තිබෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුර ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පසුගිය දා ඕස්ට්‍රේලියාවේදී ගුණතිලකව අත්අඩංගුවට ගැනුණා.
ඒ, සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි අදාළ කාන්තාව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක සිඩ්නි සිටි පොලීසිය විසින් පැරමැටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළා.
ඒ, අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.




