ධනුෂ්ක ගුණතිලක බලන්න හරින් සහ ජයසූරිය යයි

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හමුවී තිබෙනවා.

හරින් ප්‍රනාන්දු සහ සනත් ජයසූරිය යන දෙදෙනාම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සිඩ්නි නුවරට පැමිණ සිටින අතර වාරයේදී යි මෙම හමුව සිදුවී ඇත්තේ.

ඔවුන්ගේ පැමිණීම පිළිබඳව ධනුෂ්ක ගුණතිලක ඡායාරූපයක් ද සමඟ ෆේස්බුක් සටහනක් තබමින් සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිනවා.

පසුගිය මාසයේදී, ඕස්ට්‍රේලියානු පොලිසිය ඔහුට එරෙහිව පැවති චෝදනා හතරෙන් තුනක් ඉවත් කරනු ලැබුවා.

අදාළ කාන්තාවගේ කැමැත්තෙන් තොරව එක් ලිංගික ක්‍රියාවන්හි නිරත වීම සම්බන්ධ චෝදනාවයි මේ වන විට ඔහුට එල්ලවී ඇත්තේ.

අනෙක් චෝදනාවට ද නිවැරදිකරු බවට ප්‍රකාශ කර ඇති අතර නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
4
+1
2
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58