ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන්ගෙන් යෝජනාවක්

සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් සිදු කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් විසින් තර්ක කර තිබෙනවා.

නඩුව සිඩ්නි නුවර අධිකරණයකදී අද නැවතත් විභාගයට ගත් අවස්ථාවේදීයි විත්තිකාර ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයන් මෙම තර්කය ඉදිරිපත් කරනු ලැබුවේ.

ඊට හේතු වූයේ සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තවත් සති 02ක් බලා සිටීමට සිදුවන බවට ඔවුන් කරුණු දැක්වීමත් සමගයි.

විදේශීය පුරවැසියෙකු වන සිය සේවා දායකයා මේ වනවිට මාස 06 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ නඩු කටයුත්තකට සම්බන්ධවී සිටින බවත් මෙම ප්‍රමාදයන් හමුවේ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩු ගාස්තු නිවු සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට වන යෝජනාව මීලග නඩු වාරයේදී ඉදිරිපත් කිරීමටයි ඔවුන් සූදානමින් පසුවන්නේ. නඩුව නැවත ලබන 18 වනදා විභාග කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදී සිඩ්නි නුවර තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
15
+1
7
+1
5
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48