දේශීය ණය ප්‍රශස්තකරණය මේ සතියේ අවසන් කරනවා – මුදල් රාජ්‍ය ඇමති

දේශීය ණය ප්‍රසශ්තකරණය මේ සතියේ අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දේශිය ණය ප්‍රශස්තකරණය ඉතා සාර්ථකව කරගෙන යන බවයි.

එය සංවර්ධන බැදුම්කර, සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල ආදිය අයත් වන විශ්‍රාමික අරමුදල්, මහ බැංකුව සතුව පවතින රජයට දුන් අත්තිකාරම් ආදී ලෙස කොටස් 04කින් සමන්විත බවයි ඔහු කියාසිටියේ.

ඉන් සංවර්ධන බැදුම්කර ජුනි මස අවසන් වන විටම නිමා කළ බව පැවසූ අමාත්‍යවරයා ඊයේ දිනය වන විට විශ්‍රාමික අරමුදල්වල ප්‍රශස්තකරණය අවසන් කළ බව ද ප්‍රකාශ කළා.

ඒ අනුව තවත් ඉතිරිව පවතින්නේ මහ බැංකුව සතුව පවතින බැඳුම්කර සහ රජයට ලබාදුන් අත්තිකාරම් ප්‍රශස්තකරණය පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි දින කිහිපය ඇතුළත එම කටයුතු නිමා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29