දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සැලැස්මක් ගැන ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

දැනට භාවිතයේ පවතින RAMIS පද්ධති සිංගප්පුරු සමාගම වෙතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර ගැනීමට අදාළ සැලැස්ම සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙම කමිටුව පසුගියදා දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී RAMIS පද්ධතිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කර තිබුණා.

මේ අනුව ඒ පිළිබඳ වැඩිදුරටත් විමසා බැලීම සඳහා මෙදින මෙම කමිටුව රැස් වූ අතර ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ද (ICTA) කැඳවා තිබෙනවා.

මේ අනුව RAMIS පද්ධතිය සම්බන්ධයෙන් කටයුතු කරන සිංගප්පූරු සමාගමේ ගිවිසුමට අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට RAMIS පද්ධතියේ සම්පූර්ණ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාරගත යුතු බවයි මෙහිදී සඳහන් වූයේ.

මේ සදහා අවශ්‍ය වන මානව සම්පත ඇතුළුව අභ්‍යන්තර ශක්‍යතාව දෙපාර්තමේන්තුව තුළ වර්ධනය වී නොමැති බව මෙහිදී අනාවරණය වූ අතර මේ අනුව මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ සමබන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා.

එසේම මෙම වාර්තාවේ RAMIS පද්ධතිය භාර ගැනීමට මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා සංයුත්ත යෝජනාවලියක් ඇතුළත් විය යුතු බවයි මෙහිදී සභාපතිවරයා ප්‍රකාශ කළේ.

එසේම වසර 8කට පෙර හඳුන්වාදුන් RAMIS පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් කමිටුවේ අප්‍රසාදය පළ වුණා.

තවද රාජ්‍ය ආයතන 13ක් ඒකාබද්ධ කරමින් ගොඩනගන තවත් ඒකාබද්ධ තොරතුරු පද්ධතියක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන 13 සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර මෙහි දී මෙම සියලුම ආයතන සිය තොරතුරු පද්ධතිවල පොදු කේතයක් ලෙස ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවටයි යෝජනා වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?