දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සැලැස්මක් ගැන ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

දැනට භාවිතයේ පවතින RAMIS පද්ධති සිංගප්පුරු සමාගම වෙතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර ගැනීමට අදාළ සැලැස්ම සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙම කමිටුව පසුගියදා දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී RAMIS පද්ධතිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කර තිබුණා.

මේ අනුව ඒ පිළිබඳ වැඩිදුරටත් විමසා බැලීම සඳහා මෙදින මෙම කමිටුව රැස් වූ අතර ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ද (ICTA) කැඳවා තිබෙනවා.

මේ අනුව RAMIS පද්ධතිය සම්බන්ධයෙන් කටයුතු කරන සිංගප්පූරු සමාගමේ ගිවිසුමට අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට RAMIS පද්ධතියේ සම්පූර්ණ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාරගත යුතු බවයි මෙහිදී සඳහන් වූයේ.

මේ සදහා අවශ්‍ය වන මානව සම්පත ඇතුළුව අභ්‍යන්තර ශක්‍යතාව දෙපාර්තමේන්තුව තුළ වර්ධනය වී නොමැති බව මෙහිදී අනාවරණය වූ අතර මේ අනුව මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ සමබන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා.

එසේම මෙම වාර්තාවේ RAMIS පද්ධතිය භාර ගැනීමට මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා සංයුත්ත යෝජනාවලියක් ඇතුළත් විය යුතු බවයි මෙහිදී සභාපතිවරයා ප්‍රකාශ කළේ.

එසේම වසර 8කට පෙර හඳුන්වාදුන් RAMIS පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් කමිටුවේ අප්‍රසාදය පළ වුණා.

තවද රාජ්‍ය ආයතන 13ක් ඒකාබද්ධ කරමින් ගොඩනගන තවත් ඒකාබද්ධ තොරතුරු පද්ධතියක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන 13 සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර මෙහි දී මෙම සියලුම ආයතන සිය තොරතුරු පද්ධතිවල පොදු කේතයක් ලෙස ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවටයි යෝජනා වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43