තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කරන ලෙස
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් වී තිබෙනවා.
ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය අද (12) නියෝග කර ඇත්තේ.
ඒ අදාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාෆීර් සහ සරත් දසනායක යන විනිසුරු මඬුල්ල ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1