දේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමිවෙයි – විදෙස් ගමන් තහනම් (වීඩියෝ)

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප හිමි ව තිබෙනවා.

අද (10) පෙරවරුවේ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් ව දුම්බර බන්ධනාගාරයේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙනවිත්, මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ විත්තිකරු හට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන බවයි.

එමෙන්ම විදෙස් ගමන් තහනමක් ද පනවමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාරදිය යුතු බවයි.

කිසිදු ආකාරයකින් අදාළ නඩුවට සම්බන්ධ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවට ද චූදිත තෙන්නකෝන් හට විනිසුරුවරයා දැඩිව අවවාද කළා.

කිසියම් හෝ ආකාරයකින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත්, ඇප අවලංගු කරන බවටයි මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

දෙවන සැකකරුගේ සිට අටවන සැකකරු දක්වා දී ඇති ඇප ප්‍රදානය සහ එම කොන්දේසි පළමු වන සැකකරු වෙනුවෙන් ද අදාළ වන බව මහේස්ත්‍රාත්වරයා ඇප පිරිනැමීම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා පෙනී සිටිය අතර සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සහ ශානක රණසිංහ මහතා පෙනී සිටියා.

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබාදෙනවා ද නැද්ද? යන්න සලකා බැලෙන නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබුණා.

ඒ අප්‍රේල් මස 03 වැනි දින විත්තිකාර දේශබන්දු තෙන්නකෝන්ව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව විනිසුරුවරයාගේ නියෝග පරිදි අද දින තෙක් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමගයි.

එදින අධිකරණයේ දී නඩු විභාගය ආරම්භ වුණු අතර පැය එකහමාරකට අධික කාලයක් විත්තිකාර තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු දැක්වීමක් සිදු කළා.

එම කරුණු දැක්වීම මගින් සිය සේවාදායකයා හට ඇප ලබාදෙන ලෙසයි නීතිඥවරුන් ඉල්ලා සිටියේ.

නමුත් රජයේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එදිනත් දේශබන්දු තෙන්නකෝන් හට ඇප ලබා දීමට විරුද්ධ වුණා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පැවසුවේ විත්තිකරුව අද තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, ඇප ඉල්ලීම පිළිබඳ ව වන තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බවයි.

වැඩ තහනමට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2023 වසරේ වැලිගම W15 හෝටලය අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් 19 දිනයේ අධිකරණයට භාරවුණේ මෝසමක් ඉදිරිපත් කරමින්.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ද පෙරේදා (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී අදාළ නිලධාරියාව ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ව විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත්වූ අතර එම ඡන්දයේ දී අදාළ යෝජනාව මනාප 151කින් ඒකමතික ව සම්මත වුණා.

ඒ කිසිදු විපක්ෂයේ විරුද්ධ ඡන්දයක් හෝ නොමැතිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
16
+1
0
+1
3
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22