මේ වනවිට රක්ෂික බන්ධාගාර ගතකර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කර ඇති ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ එලෙස ඉදිරිපත් කරන හේතු සාධකසැලකිල්ලට ගනිමින් ඔහුට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට 2023 වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
ඒ, අනුව ඔහු මේ වන විට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටිනවා.