දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ගැන කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක්

යමෙකු අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහැරිමට අධිකාරි බලයක් මහේස්ත්‍රාත් අධිකරණය සතුව ඇති නමුත් එම බලය භාවිත කළ යුත්තේ රටේ අධිකරණයට හා නීතියට ගරු කර පුරවැසියන් වෙනුවෙන් මිසක දින සති ගනන් වහන් වී නීතිය සමච්චලයට ලක් කළ පුද්ගලයකු වෙනුවෙන් නොව බව රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ පැවසුවා.

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අගෝස්තු 07 වනදා ලිඛිත විරෝධතා ගොනු කිරිමෙන් අනතුරුව නිකුත් කරන බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය සියලු පාර්ශ්වවලට දැනුම් දුන්නා.

අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙසත් ඉන් අනතුරුව සුදුසු නියෝගයක් නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයා අපේක්ෂිත ඇප ඉල්ලුමක් අද (05) ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?