AFC Banner
AFC Banner
Empty Ad

දේවාලයෙන් ආශිර්වාද ගන්න ආ පිරිසක් හෙළිකොප්ටරයක් ගෙනවාගෙන කොළඹ ගිහින් (ඡායාරූප)

ගලෙන්බිදුණුවැව – පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ඊයේ (04) පෙරවරුවේ පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගොඩබැස්සවීමත් සමඟ එම ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වුණා.

කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා පිරිසක් මෙම හෙළිකොප්ටර් යානයෙන් පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් අතර සැකයක් මතුවීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කොකාවැව පොලිසියෙන් සිදුකළ විමසීමක් දී සඳහන් කර සිටියේ, පිළිකා රෝගියෙකු සඳහා ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් ආශීර්වාද ලබාගෙන යාම සඳහා මෙම පිරිස අදාළ හෙළිකොප්ටර් යානයෙන් මෙලෙස පැමිණ තිබූ බවයි.

වාහනයකින් ඊයේ (04) අලුයම් කාලයේ අදාළ රෝගියා දේවාලයට රැගෙන ආ බවට අනාවරණය වී ඇති අතර, ඔහුට යළි එම වහනයෙන් ගමන් කිරීමට පැවති අපහසුතාව මත ඔහුගේ ඥාතීන් විසින් මෙලෙස පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගෙනවාගෙන රෝගියාව රැගෙන යාමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස හෙළිකොප්ටර් යානයෙන් ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
53
+1
10
+1
7
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?