දේවගැති ජෙරොම්ට නීතිය ඉදිරියේ සහන දෙන්න බෑ – නීතිපති කියයි

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස කළේ යැයි චෝදනා ලැබූ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන සලසා දීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම විසින් මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙම දැනුම්දීම සිදු කෙරුණේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබෙන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර දේවගැතිවරයා මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත් නොවී; ඔහු මෙරටට පැමිණි විගස සෘජුව ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවට පොරොන්දුවක් ලබා දෙන්නේ නම්; එම ඉල්ලීමට තම සේවාදායකයින් විරුද්ධ නොවන බව ද සඳහන් කළා.

කෙසේ වෙතත් පෙත්සම්කාර දේවගැතිවරයාට එරෙහි ව නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු යැයි තම සේවාදායකයින් අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන මෙහිදී ප්‍රකාශ කළ බවයි අප අධිකරණ වාර්තාකරු උදය කුමාර පැවසුවේ.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම දැඩි විරෝධයක් පළකර සිටියා.

නීතිය සැමට එක හා සමාන ව ක්‍රියාත්මක විය යුතු යැයි සඳහන් කළ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා පෙත්සම්කරුට නීතිය ඉදිරියේ විශේෂ සහනයක් සලසාදිය හැකි බවත් පැවසුවා.

පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන පෙත්සම විමසීමට පවා අධිකරණයට හැකියාවක් නොමැති බවත් පෙත්සම්කරුට එරෙහි ව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ විමර්ශන පැවැත්වෙන බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

මෙහිදී පෙත්සම්කාර දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 20 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එදින පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා විසින් කරුණු දැක්වීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34