දෙහිවල වෙඩි තැබීම අපාරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක්

දෙහිවල ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබිම සංවිධානාත්මක අපාරාධ කල්ලි දෙකක් අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරනවා.

දෙහිවල, ‘ක්වාටර්ස්’ ක්‍රිඩාපිටිය අසළදී සිදුකළ මෙම වෙඩිතැබීමෙන් ලේල්ලවලගේ අමින්ද ප්‍රදීප් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පාගමින් පැමිණ ඇති පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අතර තුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා බඩෝවිට අසංක නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයක් බවට ද අනාවරණය වී තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?