දෙහිවල වෙඩි තැබීම අපාරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක්

දෙහිවල ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබිම සංවිධානාත්මක අපාරාධ කල්ලි දෙකක් අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරනවා.

දෙහිවල, ‘ක්වාටර්ස්’ ක්‍රිඩාපිටිය අසළදී සිදුකළ මෙම වෙඩිතැබීමෙන් ලේල්ලවලගේ අමින්ද ප්‍රදීප් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පාගමින් පැමිණ ඇති පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අතර තුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා බඩෝවිට අසංක නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයක් බවට ද අනාවරණය වී තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33