දෙහිවල දී වෙඩි තැබීමේ තැතක් වැළකී යයි

දෙහිවල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (24) උදෑසන 9.00ට පමණ පුද්ගලයෙකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසළදී මෙම වෙඩිතැබීමේ උත්සාහය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

සෞඛ්‍ය පරිපාලකවරයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකිරීමට උත්සාහ ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?