Empty Ad
Empty Ad
AFC Banner

දෙහිවල දී තරුණයෙක් ඝාතනය කෙරේ….

දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවෙ පිහියකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි තරුණයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 18 හැවිරිදි කල්දේරා පාර දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

කලක සිට පැවති ආරවුලක් මත සිදුවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?