දෙසැම්බරයේ ICC කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය කැන්ගරු දේශයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව 2024 දෙසැම්බර් මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය ඔස්ට්‍රෙලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇනබෙල් සදර්ලන්ඩ් හට හිමි වුණා.

ඇය තුන් ඉරියව්වෙන් ම දැක්වූ කැපී පෙනෙන දක්ෂතා හේතුවෙනුයි මෙම සම්මානයට ඇයව පාත්‍ර වූයේ.

එම මාසයේ දී පැවැත්වූ එක්දින තරග 05ක දී ඉන්දියාවට එරෙහිව තරග 03ක් සහ නවසීලන්තයට එරෙහිව පැවති තරග 02 ම ජයග්‍රහණය කිරීමට සදර්ලන්ඩ්ගෙන් විශේෂ සේවාවක් ඉටුවුණා.

ඇයට එම තරගාවලිය පුරා ම අවස්ථා තුනක දී තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට හැකි වූයේ ඇය දැක්වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

සදර්ලන්ඩ්ගේ මෙම දක්ෂතා හේතුවෙන් ඇයව ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායමේ නිත්‍ය පිතිකාරිණියක් දක්වා ද උසස් කෙරුණා.

ඇයට පෙර මෙම සම්මාන ඊට පෙර මාසවල දී දිනා ගත්තේ ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා සහ නොන්කුලුලේකෝ මලාබා යි.

සදර්ලන්ඩ් දෙසැම්බර් මාසය තුළ පමණක් ලකුණු 269ක් රැස් කර ඇත්තේ ශතක දෙකක් ද ලබා ගනිමින්.

ඉන්දියාවට එරෙහිව පර්ත් හි දී ලකුණු 110ක් සහ නවසීලන්තයට එරෙහිව වෙලින්ග්ටන් හි දී නොදැවී ලකුණු 105ක් ඇය ලබාගත්තේ පිතිකරණයේ සාමාන්‍යය 67.25ක් බවට පත් කරගනිමින්.

ඇයගේ ප්‍රහාරක සාමාන්‍යය 113.98ක්.

23 හැවිරිදි ඇය පන්දුවෙන් ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ අතර, තරගාවලිය පුරා ම කඩුලු 09ක් බිඳ දමා තිබෙනවා.

බ්‍රිස්බේන් හි දී ඉන්දියාවට එරෙහිව ඇය ලකුණු 39කට බිඳ හෙලූ කඩුලු ගණන 04ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07