Empty Ad
AFC Banner
Empty Ad

දෙසැම්බරයේ ICC කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය කැන්ගරු දේශයට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව 2024 දෙසැම්බර් මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාවට හිමි සම්මානය ඔස්ට්‍රෙලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇනබෙල් සදර්ලන්ඩ් හට හිමි වුණා.

ඇය තුන් ඉරියව්වෙන් ම දැක්වූ කැපී පෙනෙන දක්ෂතා හේතුවෙනුයි මෙම සම්මානයට ඇයව පාත්‍ර වූයේ.

එම මාසයේ දී පැවැත්වූ එක්දින තරග 05ක දී ඉන්දියාවට එරෙහිව තරග 03ක් සහ නවසීලන්තයට එරෙහිව පැවති තරග 02 ම ජයග්‍රහණය කිරීමට සදර්ලන්ඩ්ගෙන් විශේෂ සේවාවක් ඉටුවුණා.

ඇයට එම තරගාවලිය පුරා ම අවස්ථා තුනක දී තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට හැකි වූයේ ඇය දැක්වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

සදර්ලන්ඩ්ගේ මෙම දක්ෂතා හේතුවෙන් ඇයව ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායමේ නිත්‍ය පිතිකාරිණියක් දක්වා ද උසස් කෙරුණා.

ඇයට පෙර මෙම සම්මාන ඊට පෙර මාසවල දී දිනා ගත්තේ ඉන්දීය ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා සහ නොන්කුලුලේකෝ මලාබා යි.

සදර්ලන්ඩ් දෙසැම්බර් මාසය තුළ පමණක් ලකුණු 269ක් රැස් කර ඇත්තේ ශතක දෙකක් ද ලබා ගනිමින්.

ඉන්දියාවට එරෙහිව පර්ත් හි දී ලකුණු 110ක් සහ නවසීලන්තයට එරෙහිව වෙලින්ග්ටන් හි දී නොදැවී ලකුණු 105ක් ඇය ලබාගත්තේ පිතිකරණයේ සාමාන්‍යය 67.25ක් බවට පත් කරගනිමින්.

ඇයගේ ප්‍රහාරක සාමාන්‍යය 113.98ක්.

23 හැවිරිදි ඇය පන්දුවෙන් ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ අතර, තරගාවලිය පුරා ම කඩුලු 09ක් බිඳ දමා තිබෙනවා.

බ්‍රිස්බේන් හි දී ඉන්දියාවට එරෙහිව ඇය ලකුණු 39කට බිඳ හෙලූ කඩුලු ගණන 04ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
Video thumbnail
කාලෙකට පස්සේ සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව
27:34
Video thumbnail
මාලිමා රැළියකටවත් නැති සෙනඟක් නාමල්ගේ රැළියේ
05:01
Video thumbnail
ත්‍රී රෝද රථ සංගම් ආණ්ඩුවට දාපු සද්දේ - තෙල් අඩු කළාට ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නෑ
08:01
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
00:59
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
16:13
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43

?