ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර බවට මෙම වසර පත්වන බවවත්, වැඩිම අපනයන ආදායම උපයාගත් වසර බවට මෙම වසර පත්වන බවත් ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළා.
එමෙන්ම ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් සංක්‍රාම පැමිණි වසර බවට මෙම වසර පත්වනු ඇති බවයි ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
මේ අතර පසුගිය 2024 වසර හා සංසන්ධනය කිරීමේ දී මෙම වසර තුළ ඍජු විදෙස් ආයෝජනවල 101%ක වර්ධනයක් පවතින බව ද මෙහිදී ජනධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 07 ඉක්මවන විදෙස් සංචිතයක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.





