දෙසතියකට කලින් පෙරමුණේ හිටපු රවී එක්වරම තුනට වැටෙයි

ජගත් පන්දුවාර 20 පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක අදිල් රෂිඩ් ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් දෙවන ස්ථානයේ පසුවනවා.

මේ අතර අයි.සී.සීය මීට දෙසතියකට පෙර නිකුත් කළ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටි ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි මෙම ශ්‍රේණිගත කිරීම්වල දී තෙවන ස්ථානය දක්වා පහළට ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

තවමත් විස්සයි විස්ස තරග 21කට සහභාගී වී කඩුලු 34ක් දවාගෙන සිටින රවී බිෂ්නෝයි එලෙස ශ්‍රේණිගත කිරීම්වලට පෙරමුණට පැමිණීම සමාජ මාධ්‍ය තුළ දැඩි හාස්‍යට සහ විවේචනයට ලක්වූ ආකාරය දැකගත හැකි වුණා.

මේ අතර අයි.සී.සීය මෙවර නිකුත්කර ඇති ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුල් ස්ථාන හයේම දඟ පන්දු යවන්නන් පසුවීම විශේෂත්වයක්.

ඒ, අනුව මෙහි සිව්වන ස්ථානය වනිඳු හසරංගට හිමිව ඇති අතර, පස්වන ස්ථානයේ පසුවන්නේ මහීෂ් තීක්ෂණයි.

හයවන ස්ථානයේ කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක අකිල් හුසේන් පසුවනවා.

412607994 761613062667074 2747353236078446783 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?