දෙවැනි දැරියත් කෙළෙසූ පාපතරයා පළා යද්දී අල්ලයි

13 හැවිරිදි දැරියක් දූෂණය කට පළායමින් සිටි පුද්ගලයෙක් නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ ම පදිංචි අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සැකකරු මීට පෙර ද අවුරුදු 09ක දැරියක් දූෂණය කර පළාගොස් වසර 10ක පමණ කාලයක් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වළාගෙන සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන මාස 05ක කාලයක් රක්ෂිත බන්ධනාගාර සිට ඇප මත නිදහස්ව සිටි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ඇප මත සිටි මෙම සැකකරු ඊයේ (30) උදෑසන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පොලිසිය වෙත අත්සන් කිරීමට පැමිණ තිබෙනවා.

එලෙස පොලිසියට පැමිණ අත්සන්කර පිටව ගොස් ඇති සැකකරු ඇයගේ සොහොයුරිකගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී සැකකරු සොහොයුරියගේ දියණියව මෙලෙස දූෂණයට ලක්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ප්‍රදේශයෙන් පළාගොස් ඇති සැකකරු සම්බන්ධයෙන් දැරියගේ මව පොලිසයට පැමිණිලි කිරීමෙන් පසු මාර්ග බාධකයක දී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සැකකරු අතින් දූෂණය වූ බව කියන දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
17
+1
1
+1
5
+1
5
+1
3
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?