දෙවැනි දැරියත් කෙළෙසූ පාපතරයා පළා යද්දී අල්ලයි

13 හැවිරිදි දැරියක් දූෂණය කට පළායමින් සිටි පුද්ගලයෙක් නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ ම පදිංචි අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සැකකරු මීට පෙර ද අවුරුදු 09ක දැරියක් දූෂණය කර පළාගොස් වසර 10ක පමණ කාලයක් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වළාගෙන සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන මාස 05ක කාලයක් රක්ෂිත බන්ධනාගාර සිට ඇප මත නිදහස්ව සිටි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ඇප මත සිටි මෙම සැකකරු ඊයේ (30) උදෑසන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පොලිසිය වෙත අත්සන් කිරීමට පැමිණ තිබෙනවා.

එලෙස පොලිසියට පැමිණ අත්සන්කර පිටව ගොස් ඇති සැකකරු ඇයගේ සොහොයුරිකගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී සැකකරු සොහොයුරියගේ දියණියව මෙලෙස දූෂණයට ලක්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ප්‍රදේශයෙන් පළාගොස් ඇති සැකකරු සම්බන්ධයෙන් දැරියගේ මව පොලිසයට පැමිණිලි කිරීමෙන් පසු මාර්ග බාධකයක දී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සැකකරු අතින් දූෂණය වූ බව කියන දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. ඇප ලැබෙනව.එකම කරනව.කගෙන් හරි මැරුම් කනව.මරපු කෙනා හිරෙයනව.එතකොට කෙනාගෙ තමයි වැරදි.නිතියේ අඩුපාඩු නම් එමටයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04