දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (29) පෙර සමත් වුණා.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වන්නේ ලෝඩ්ස් හි දීයි.

තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායක ඔලී පොප් සහ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අතර උරගා බැලුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් පිතිකරණයෙන් සිදු කර තිබෙනවා.

ඒ ආරම්භක පිතිකරු වශයෙන් පැමිණි කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක කැඳවීමයි.

එංගලන්ත කණ්ඩායමේ ද වෙනසක් පන්දු බලඇණියේ සිදු කර තිබෙනවා.

මාර්ක් වුඩ් ආබාධයට පත්වීම හේතුවෙන් ඒ වෙනුවට නවක ක්‍රීඩක ඔලී ස්ටෝන් කැඳවා තිබෙනවා.

අද තරගය ඔලී ස්ටෝන්ගේ ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගය ද වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?