දෙවන 20-20 තරගයේ ප්‍රවේශ පත් මිල දී ගැනීමට දිගු පෝලිම්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අනිද්දා (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගය වෙනුවෙන්වන ප්‍රවේශපත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

මේ අතර දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා; අද (11) පෙරවරුවේ සිට ප්‍රේක්ෂකයින් දිගු පොලිම්වල රැඳී සිටින බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ඊයේ (10) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර, එම තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී තිබුණා.

එම තරගය නැරඹීමට සඳහා 35,000කට වැඩි ඉතා ඉහළ ප්‍රේක්ෂකයි සංඛ්‍යවක් පැමිණ සිටි බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ.

ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
7
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?