දෙවන තරඟයේ ප්‍රවේශ පත්‍රවලින් තෙවන තරගය නැරඹීමේ අවස්ථාව

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඊයේ (09) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි විස්ස තරගය අතහැර දැමීමට සිදු වුණා.

පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම තරගය අතහැර දැමුණු අතර ඒ වනවිටත් තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් දඹුල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබුණා.

ඒ අනුව අතහැර දැමුණු එම තරගයේ ප්‍රවේශ පත්‍ර මඟින් තෙවන විස්සයි විස්ස තරගය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනවා.

තෙවන විස්සයි විස්ස තරගය, එනම් තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගය හෙට (11) රාත්‍රී 07.00ට දඹුල්ල ජ්‍යාත්‍යන්තර ක්රිදනගනයේ ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ 1-0ක් ලෙස පාකිස්ථාන කණ්ඩායම් මේ වන විට පෙරමුණේ පසුවන අතර හෙට පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙක සඳහාම වඩාත් වැදගත් තරගයක් බවට පත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?