ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස් කළා.
එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනෙක්ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.
කුසල් මෙන්ඩිස් ලකුණු 61ක්, සධීර සමරවික්‍රම ලකුණු 52ක් , ජනිත් ලියනගේ ලකුණු 50ක් සහ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 97ක් ලකුණු පුවරුවට එක් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ නායක කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම අතරේ සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර, අසලංක සහ ජනිත් ලියනගේ අතර ද පස්වන කඩුල්ල වෙනුවෙන් ශතක සබදතාවක් ගොඩනැගුණා.
මෙම තරගයේ දී ඇෆ්ගනිස්තාන පන්දු රකින්නන් අතින් පහසු උඩපන්දු 03 ගිලිහී යන ආකාරය දැකගත හැකි වුණා.
පන්දු යැවීමේ දී හස්මතුල්ලා ඔමර්සායි ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිද දැමුවා.
ඒ අනුව මෙම තරගය ජයගැනීමට ඇෆ්ගනිස්තානයට ලකුණු 309ක ඉලක්කයක් හිමිව තිබෙනවා.




