දෙවන එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වෙයි

96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී වූ රැජින බැල්මොරාල් මාලිගයට රැගෙන ගිය පසු ඇයගේ අවසන් අවස්ථාවේදී මහ රැජිනගේ දරුවන් සියලුදෙනා එතැන සිටි බවත් එමෙන්ම මුණුපුරා වන විලියම් කුමරු ද එම අවස්ථාවට එක්ව සිටි බවත් වාර්තා වනවා.

1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබෙනවා.

ඇය රජ කිරුළ හිස දැරූ අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්.

එමෙන්ම ඇයගේ කිරුළු සීමාව තුල අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ මීට සතියකට පෙර මහ රාජිනිය වෙතින් පත්වීමේ ලිපිය ලබාගත් බ්‍රිතාන්‍යයේ තෙවැනි කාන්තා අග්‍රාමාත්‍යවරිය වන ලිස්ට්‍රස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?