දෙවන එක්දින තරග අද – තරගාවලියේ ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (05) ආරම්භවීමට නියමිතයි.

තරගවලියේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ තරග බිමට පිවිසෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

පළමු තරගය සඳහා ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම ම අද තරගය සඳහා ක්‍රිඩා කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අද තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බව ක්‍රිකට් විචාරකයින් මතපළ කරනවා.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?