දෙමව්පියන්ගෙන් මුදල් වංචා කළ ගුරුවරියක් රිමාන්ඩ්

ජර්මනියේ පැවැත්වෙන නර්තන වැඩමුළුවකට සහභාගී කරවීමට බව පවසා දෙමව්පියන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් රැගෙන වංචා කළ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ
පිහිටි ජාත්‍යන්තර පාසලක 49 හැවිරිදි ගුරුවරියක් මෙලස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකාරිය එම ජාත්‍යන්තර පාසලේ දරුවන්ව ජර්මනියේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී කළ හැකි බව දෙමාපියන්ට පවසා ඇති අතර ඊට අවශ්‍ය ලිපි ලේඛන සෑදීම සඳහා යැයි පවසමින් දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ඇති බවයි අධිකරණයේදී හෙළිවූයේ.

සැකකාරිය ලබාදුන් බැංකු ගිණුමට දෙමාපියන් වරින් වර මුදල් බැර කළ ද දරුවන්ව විදේශ ගත කිරීමට සැකකාරිය උනන්දුවක් නොදක්වා මුදල් වංචා කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

යක්කල, ගොරකඩවත්ත, කලගෙඩිහේන, බටුවත්ත සහ වැලිවේරිය, ගල්ඔලුව යන ප්‍රදේශවල පදිංචි දෙමව්පියන් කළ පැමිණිලි මත පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් මෙම පැමිණිලිකරුවන් සිව්දෙනාගෙන් පමණක් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් සැකකාරිය වංචනික ලෙස ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් නොමැති බව පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසිය අධිකරණයට දන්වා ඇති අතර ඒ අනුවයි සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32