දෙපාරක් පැරදුනු සොරණාතොට සභාවේ මාලිමා අයවැය

සොරණාතොට ප්‍රාදේශීය සභාව දෙවන වරට ඉදිරිපත් කෙරුණු අයවැයත් පරාජයට පත්වී තිබෙනවා.

ජාතික ජන බලවේගයට බලය හිමිව තිබෙන මෙම ප්‍රාදේශීය සභාවේ පසුගිය 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ඡන්ද තුනකින් අයවැය පරාජයට පත්වීම නිසා අද (21) දිනයේ මෙලෙස දෙවනවරට අයවැය ඉදිරිපත් කළා.

එහිදී ද අයවැයට විපක්ෂව ඡන්දය ඡන්ද 07ක් ලැබී තිබූ අතර පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 06ක් පමණයි.

ඒ අනුව එක ඡන්දයකින් මෙවරාද යවය පරාජයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඡන්දය විමසන අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකක් සභාවට නොපැමිණි බවට ද වාර්තා වනවා.

එමෙන්ම අද පැවති අයවැය විවාදය අතරතුර හදිසියේ අසනීප වූ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

පසුගිය නොවැම්බර් මස 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජයට පත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?