විශාල ගලක් මෝටර් රථ දෙකක් මතට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම දරුණු අනතුර සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අතර අදාළ සිදුවීම පසුපසින් ආ මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුණා.
චුමුකේඩිමා දිස්ත්‍රික්කයේ දිමාපූර් සහ කොහිමා අතර ජාතික මහා මාර්ග 29යේ මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.
අධික වර්ෂාව පැවති අවස්ථාවක මෙම විශාල ගල මෝටර් රථ දෙක මතට පෙරළී ඇති අතර, මෙම අනතුරින් මියගිය එක් අයෙකුගේ පවුලක් සඳහා රුපියල් ලක්ෂ 04 ක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම පහතින්.
https://www.facebook.com/TimesofIndia/videos/248009731305711/




