දූෂකයෙක්ට බරපතළ වැඩ සහිතව 18 වසරක සිරදඬුවම්

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවසේ හිමිකරු බිය ගන්වා දෑත් බැඳ රුපියල් 120,000ක් වටිනා රන් ආභරණ, මුදල් ඇතුළු දේපළ පැහැරගෙන ඔහුගේ බිරිඳව දූෂණය කළේ යැයි කියන පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (08) බරපතළ වැඩ සහිත වසර 18ක සිරදඬුවම් නියම කළා.

ලක්ෂිත සුලක්ෂණ සුන්දර ලිංගම් යන තිස් තුන් හැවිරිදි අවිවාහක තරුණකුට මෙලෙස මහාධිකරණය මඟින් දඬුවම් නියම කරනු ලැබුවා .

එමෙන්ම දූෂණයට ලක් වූ කාන්තාවට රුපියල් එක් ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කළ විනිසුරුවරයා රුපියල් විසිහය දහසක දඩ මුදලක් ද ගෙවීමට විත්තිකරුට නියෝග කළා.

එම දඩය හා වන්දි මුදල් නොගවන්නේ නම් විත්තිකරුට අමතර ලිහිල් සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි කසුන් සුදර්ශන යන අය සියලු චෝදනාවකින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කර සිටියා.

පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඉදිරිපත් කර ඇති බැවින්, විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු කරන බවට ප්‍රකාශ කළ විනිසුරුවරයා විත්තියේ නීතිඥ අසිත විපුලනායක විසින් විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අවම දඬුවම් නියම කිරීමටයි කටයුතු කළේ .

මෙම විත්තිකරු මීට පෙර ද වෙනත් චෝදනාවකට අධිකරණය මඟින් වරදකරු වී දඬුවම් ලැබූ අයකු බවට අධිකරණයේ හමුවේ අනාවරණය වී ඇති අතර, මොහු සිදුකරන ලද වරදේ බරපතළකම පිළිබඳ සලකා බලා උපරිම දඬුවම් විත්තිකරුට නියම කරන ලෙසට රජයේ අධිනීතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

2017 අගෝස්තු මස 08 වන දින වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකට තවත් පුද්ගලයකු සමඟ ඇතුල් වී සිදුකර ඇති එම අපරාධය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27