දූෂකයෙක්ට බරපතළ වැඩ සහිතව 18 වසරක සිරදඬුවම්

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවසේ හිමිකරු බිය ගන්වා දෑත් බැඳ රුපියල් 120,000ක් වටිනා රන් ආභරණ, මුදල් ඇතුළු දේපළ පැහැරගෙන ඔහුගේ බිරිඳව දූෂණය කළේ යැයි කියන පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (08) බරපතළ වැඩ සහිත වසර 18ක සිරදඬුවම් නියම කළා.

ලක්ෂිත සුලක්ෂණ සුන්දර ලිංගම් යන තිස් තුන් හැවිරිදි අවිවාහක තරුණකුට මෙලෙස මහාධිකරණය මඟින් දඬුවම් නියම කරනු ලැබුවා .

එමෙන්ම දූෂණයට ලක් වූ කාන්තාවට රුපියල් එක් ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග කළ විනිසුරුවරයා රුපියල් විසිහය දහසක දඩ මුදලක් ද ගෙවීමට විත්තිකරුට නියෝග කළා.

එම දඩය හා වන්දි මුදල් නොගවන්නේ නම් විත්තිකරුට අමතර ලිහිල් සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි කසුන් සුදර්ශන යන අය සියලු චෝදනාවකින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කර සිටියා.

පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඉදිරිපත් කර ඇති බැවින්, විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු කරන බවට ප්‍රකාශ කළ විනිසුරුවරයා විත්තියේ නීතිඥ අසිත විපුලනායක විසින් විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අවම දඬුවම් නියම කිරීමටයි කටයුතු කළේ .

මෙම විත්තිකරු මීට පෙර ද වෙනත් චෝදනාවකට අධිකරණය මඟින් වරදකරු වී දඬුවම් ලැබූ අයකු බවට අධිකරණයේ හමුවේ අනාවරණය වී ඇති අතර, මොහු සිදුකරන ලද වරදේ බරපතළකම පිළිබඳ සලකා බලා උපරිම දඬුවම් විත්තිකරුට නියම කරන ලෙසට රජයේ අධිනීතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

2017 අගෝස්තු මස 08 වන දින වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකට තවත් පුද්ගලයකු සමඟ ඇතුල් වී සිදුකර ඇති එම අපරාධය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?