AFC Banner
Empty Ad
Empty Ad

දුෂ්මන්ත චමීරට ඉදිරි තරග අහිමි වෙයි

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉදිරි තරගවලට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සුව අතට පත් නොවීම ඊට හේතුවයි.

සුදුසුකම් ලැබීමේ අදියරේ ශ්‍රී ලංකාවේ පළමු තරගයට පෙර, පුහුණුවීම්වල යෙදී සිටියදී යි ඔහු අබාධයකට ලක්වුණේ.

ඒ අනුව, සුපිරි හය වටයේ තරඟ සඳහා එක්වීමට ද දුෂ්මන්ත චමීරට අවස්ථාව අහිමි වනු ඇති.

ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වැඩසටහනකට එක් වීමට නියමිතයි.

චමීර වෙනුවට ඩිල්ෂාන් මධුශංක සංචිතයට ඇතුළත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?