දුෂ්කර පළාත්වලට අන්තර්ජාල පහසුකම්

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ස්ටාර් – ලින්ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ඇමරිකානු ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ, චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයට ගැනෙන මෙම ක්‍රමවේදය තුළින්, දුෂ්කර – ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු මුළු දිවයිනට ම කිසිදු ගැටලුවකින් තොර ව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකි වන බවයි.

දැනට මෙරටට අන්තර්ජාල පහසුකම් ලබා ගන්නේ ඉන්දියාව ඇතුළු ගෝලීය රටවල සිට සාගරය යටින් මෙරටට ස්ථාපිත කර ඇති සබ්මැරීන කේබල් 7කින් සමන්විත ජාලයකින්.

එලෙස මෙරටට ලැබෙන අන්තර්ජාල පහසුකම් ෆයිබර් තාක්ෂණය සහ ත්‍රීජී හෝ ෆෝජී යන ජංගම තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පරිශීලකයන් වෙත බෙදා හැරෙනවා.

කෙසේ වෙතත් එම ක්‍රමවේදයේ දී භූගෝලීය බාධක ඇතුළු විවිධ ගැටලු මත ගම්බද දුෂ්කර ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් විධිමත් පරිදි නො ලැබීමෙන් එම ජනතාව දැඩි අසීරුතාවට පත් ව සිටින බවට යි දිගින් දිගට ම තොරතුරු වාර්තා වන්නේ.ඒ අනුව ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් අන්තර්ජාල සංඥා ලබා ගැනීම සඳහා ඉහළ කඳු මුදුන් සහ ගස් මත නැග ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමට වෙහෙසන ආකාරය පිළිබඳව අප දිගින් දිගට ම වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?