දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වන බව IMF කියයි

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසනවා.

එහිදී ඇය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ලන් එක්ව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මේ මොහොතේ වැදගත්වන බවයි.

ඒ, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව වොෂින්ටන් හී පවත්වන ස්ප්‍රිං සමුළුවේදීයි.

මෙම සමුළුවට සහභාගි වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකාවේ දූත පිරිස සමග සාර්ථක සාකච්ඡාවක් සිදුකළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පැවසුවේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවී සිටින බවයි.

මේ අතර මෙරට විදෙස් ණය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය හෙට සිය නිල තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව අමෙරිකාවේ වොෂිංටන් හිදී එම රටවල් විසින් ඒ පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?