දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වන බව IMF කියයි

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසනවා.

එහිදී ඇය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ලන් එක්ව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මේ මොහොතේ වැදගත්වන බවයි.

ඒ, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව වොෂින්ටන් හී පවත්වන ස්ප්‍රිං සමුළුවේදීයි.

මෙම සමුළුවට සහභාගි වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකාවේ දූත පිරිස සමග සාර්ථක සාකච්ඡාවක් සිදුකළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පැවසුවේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවී සිටින බවයි.

මේ අතර මෙරට විදෙස් ණය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය හෙට සිය නිල තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව අමෙරිකාවේ වොෂිංටන් හිදී එම රටවල් විසින් ඒ පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57