AFC Banner
Empty Ad
Empty Ad

දුරදිග ගිය ඉඩම් ආරවුලෙන් අයෙක් මරුට

ඉඩම් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් හිසට පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ පයාගල – සිංහගම ප්‍රදේශයේ දි යි.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ බේරුවල – පිංහේන; ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කොහිලවත්තේ ගෙදර ජියෝනිස් නමැති 65 හැවිරිදි පුද්ගලයෙක්.

සිංහගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ අසල පෙරේදා දහවල් නහයෙන් කටින් ලේ ගලමින් වැටී සිටි පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් විසින් මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?