දුරදිග ගිය ඉඩම් ආරවුලෙන් අයෙක් මරුට

ඉඩම් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් හිසට පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ පයාගල – සිංහගම ප්‍රදේශයේ දි යි.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ බේරුවල – පිංහේන; ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කොහිලවත්තේ ගෙදර ජියෝනිස් නමැති 65 හැවිරිදි පුද්ගලයෙක්.

සිංහගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ අසල පෙරේදා දහවල් නහයෙන් කටින් ලේ ගලමින් වැටී සිටි පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් විසින් මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14