දුරකථන කුළුණුවලින් බැටරි පැන්නූ 3ක් අත්අඩංගුවට

දුරකතන සංඥා කුළුණුවල ඇති රුපියල් ලක්ෂ 70කට අධික බැටරි සොරාගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ විස්සකට ආසන්න බැටරි සහ ඒවා ප්‍රවාහනයට යොදාගත් වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා ප්‍රසිද්ධ පෞද්ගලික දුරකථන සමාගමක උප කොන්ත්‍රාත්කරුවකු යටතේ සේවය කරන්නන් බව හෙළිවී තිබෙනවා.

බෝකුන්දර ප්‍රදේශයේ දුරකථන කුළුණක සවි කර තිබූ බැටරි 4ක් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව CCTV දර්ශන අනුව පරීක්ෂණ පවත්වා වෑන් රථයක ලියාපදිංචි අංකයක් ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එහි රියදුරු රන්සෑගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී තවත් දෙදෙනකු සමග එක්ව සිදු කළ සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බවයි පොලිසිය කියාසිටියේ.

ඒ අනුව එම පුද්ගලයන් දෙදෙනා ද වග සහ රන්සෑගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී පොල්ගස්ඕවිට, බෝකුන්දර, බටුවන්දර, කනම්පැල්ල, හබරකඩ උතුර, හෝමාගම උතුර හා වෙනිවැල්කොල ප්‍රදේශවල පිහිටි එකම සමාගමකට අයත් දුරකථන කුළුණු 8 කින් බැටරි 20 කට.අධික ප්‍රමාණයක් සොරාගෙන ඇතැයි හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් එම බැටරි දෙල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කර තිබියදී ඉන් කිහිපයක් පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?